Sinhala Blog

ebay

eBay කියන්නෙ මොකක්ද?

eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්රුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.

eBay කියන්නෙ වෙබ් අඩවියක්. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.

eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීම තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.

eBay එකෙන් ගන්න භාණ්ඩ ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.

eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ  sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු  කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.

PayPal කියන්නෙ මොකක්ද?

PayPal කියන්නෙ අපි සහ eBay අතර අතරමැදියෙක්. අපි අපේ Visa, Master Card හෝ American Express කාඩ් පතේ තොරතුරු ලබාදෙන්නෙ PayPal වලට විතරයි. eBay වලින් ගන්න භාණ්ඩ වලට අපි ගෙවීම් සිදුකරන්නෙ PayPal ගිණුමෙන්. (හරියට අපි බැංකු පොතේ සල්ලි දාලා කෑෂ් වලින් ගෙවන්නැතුව චෙක් එකක් ලියලා දෙනවා වගේ.) එතකොට අපේ කාඩ් එකේ තොරතුරු sellers ලා අතට පත්වෙන්නෙ නෑ. ඒ නිසා එය වඩාත් ආරක්‍ෂිතයි.

Helth

helth7helth6helth5helth4helth3helth2helth1helthhe8he7he5he4he3

සාර්ථකව Ebay seller කෙනෙක් වෙන විදිහ මුලසිට මෙන්න

Advertisements

Logo Design, Photo Editing,Business Card Design,Web Banner Design, 3D Video Logo Design

%d bloggers like this: